Spread the love

කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට අමෙරිකාවේ සමහර රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල් එම තීරණය ගෙන ඇත.

දෙසැම්බර් 17-23 සතිය තුළදී අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 29,000ක් වාර්තා වී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 16%ක වර්ධනයකි.