පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි
ඒ අනුව එම අංකය ලබා නොගෙන පැමිණීමෙන් එම කටයුතු සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ.
.දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති අවහිරතා නිසා පෙබරවාරි 01 වනදා සිට මෙය අනිවාර්ය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
