නිමල් රාජපක්ෂ-
ජනවාරි පළමු වැනිදා සිට බදු මුදල් ඉහළ දැමීමත් සමගින් යම් යම් නිෂ්පාදකයින් විසින් ඹවුන්ගේ මත්පැන් මිල ගනන් ලබා දිමෙන් පසු අනුමත කර දි ඇති ආකාරයට අනුව ගල් අරක්කු බෝතලයක් රුපියල් 380 කින් ද, විදේශි මත්පැන් බෝතල යක් රුපියල් 500 ත් 520 අතර මිලකින්ද, බියර් බෝතල යක් රුපියල් 40 ත් 50 ක් පමණ ප්‍රමාණයකින් වැඩිවීඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා පවසයි.

මිල ගණන් තීරණය වී ඇත්තේ සුරාබද්ද හා වැට් බදු නිසාම නොව නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැයත් සමගයි .සමහර සමාගම් විසින් මුළු වැඩිවීමම පාරිභෝගිකයාට ලබා දිලා තිබෙනවා. නමුත් සමහර සමාගම් තමන්ගේ ලාභයෙන් අඩුකර ගෙන මිල වැඩිවිම දරාගෙන තිබේනවා.ඒ අනුව එක්එක් සමාගම් එක්එක් මිල ගනණ නියම කර තිබෙන්නේ. මේ නව මිල ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාවට නංවා තිබෙනවා .ඒ වාගේම රජයේ ප්‍රතිපත්තිය අනුව බලපත්‍ර විසිරිි තිබෙන අවිධිමත් භාවය සලකා බලා ඇතැම් ස්ථාවල තිබෙන නීති විරෝධී මත්පැන් අලෙවිය අවම කිරිිමටත් පාරිභෝගිකයිනට අවශ්‍ය පරිදි විශේෂ යෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුව පරිදි අදාල ප්‍රදේශ වලට අවශ්‍ය පරිදි මත්පැන් බලපත්‍ර ලබා දෙන්න වැඩ පිලිවෙලක් දියත් කරමින් පවතියි. ඒ අනුව. සුදුසුකම් සපුරා ඇත්නම් මත්පැන් බලපත්‍ර ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේය.
සංචාරක කර්මාන්තයේ දියුණුව සදහා මත්පැන් අලෙවි කරන වේලාවන් දීර්ඝ කර තිබෙනවා. සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් උදේ 10 සිට පසුදා අළුයම 2.00 දක්වාත්
සංචාරක මණ්ඩලයෙ ්අනුමත ආපනශාලා උදේ 10 සිට රාත්‍රී 12 දක්වාත් ,රටබීම හල්වල උදේ 8.සිට රාත්‍රි 10.දක්වා කාලවේලාවන් දිර්ඝ කර තිබෙනවා.මේ තුලින් නීත්‍යාණුකූල මත්පැන් පාරිභෝගිකයාට ලබාදී රජයට හිමිවියයුතු ආදායම රැස්කර ගැනීමට යැයිද චන්න වීරක්කොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.
