Spread the love

මෑතකදී රක්ෂිත බන්ධනාගාර වී ඇප මත නිදහස් වී සිටින දේවගැති ෙජරම් ප්‍රනාන්දු විසින් කොළඹ දී පවත්වන ලද සාදයකට සම්බන්ධ වූ බන්ධනාගාර කොමසාරිස්වයෙකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබේ.

ජෙරම් ප්‍රනාන්දු විසින් සංවිධානය කරන ලද සාදයට අදාළ කොමසාරිස්වරයා ගොස් සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ ජාලවල විකාශය වීමත් සමග අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය ඒ පිළිබඳව යොමු වී තිබිණ.

බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වූ ජෙරම් ප්‍රනාන්දු දේවතවරයා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වයි.