Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර ඇත

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන වෙත ගෙවන ලෙසයි දැනුම්දී ඇත්තේ.