ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන වගා ව්‍යාපෘතියකට මහ බැංකුවෙන් බලපත්‍රයක් නොමැති බව මගෙන් රටට සංවිධානය සඳහන් කරයි.
අදාල ව්‍යාපෘතියේ ආයෝජනය කරන්නයි ජනතාවගෙන් මුදල් තැන්පතු භාර ගැනීමක් සිදුකරමින් සිටින බවද එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් මහ බැංකු අධිපතිවරයා අතර ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම ආයතනය ජනතාව නොමග යවා මුදල් තැන්පතු භාර ගන්නා බවත් ඒ පිළිබඳව මහ බැංකුව අරඹා තිබෙන විමර්ශන කඩිනම් කරන ලෙසත් පැමිණිලිකරු ඉල්ලා සිටියි.
