වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි. අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹ දී මෙම වාර්ෂික සමුළුව පැවැත්වේ.
මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.
1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.
නමුත් අපට වර්ධනයක් ගෙන එන ස්ථාවර සැලැස්මක් ගැන ඔබ සිතනවා නම්, මට අනුව එසේ සිදු කළ නොහැකි බව මම ඔහුට පැවසුවා. වෙළඳපොළ බලවේගවලට බලපෑම් කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුයි. වෙළඳපොළ බලවේග හසුරුවන්නේ කෙසේද එසේත් නැත්නම් වෙළඳපොළ බලවේග මෙහෙයවන්නේ කෙසේද කියා අප දැනගත යුතුයි.
එසේ නම් ඉදිරියට යාමට අපට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියා අප මුලින්ම තීරණය කළ යුතුයි. සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය ලබා දෙනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒ නිසා අපි තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා.
යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය, අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. 1991 වසරේදී වියට්නාමයේ කර්මාන්ත ඇමැතිතුමා පැමිණ අප විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ මගෙන් ඇහුවා. අද වන විට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඔහුගෙන් දැන ගැනීමට මට වියට්නාමයට යාමට සිදුවී තිබෙනවා. ඔවුන් වෙනස් වුණා. අපි එකම තැන සිටියා.
ඔබට මැලේසියාව සහ සිංගප්පූරුව ගැන කුමක් කිව හැකිද? අප මේ සෑම රටක් පිළිබඳව කතා කරනවා. අපට ඒ රටවල් සිටින තත්ත්වයට පැමිණීමට අවශ්‍යයි. නමුත් එම රටවල තත්ත්වයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. දැන් අප එවන් අවධියකට පැමිණ තියෙනවා. අපිට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ නොගෙන සිටිය නොහැකියි. එකිනෙකාට චෝදනා කරමින් සිටීමෙන් පලක් නැහැ. අපට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් දැයි අපි තීරණය කළ යුතුයි. මට අනුව නම්, එය කළ හැකි වන්නේ එක් ආකෘතියක් තුළින් පමණයි. ඒ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්.
අපට ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය හෝ රුසියාව තුළ විශාල වෙළෙඳපොළක් නැහැ. බොහෝ රටවලට පවතින ඛනිජ සම්පත් අපට නැහැ. අපි වාසනාවකට මෙන් උපාය මාර්ගිකව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක්. එය නැවතත් කලාපය තුළ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වෙනවාද? නැතිනම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යාමට අප සූදානම් ද යන්න ඔබ සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණාවක්.
මන්දයත් අප විසින් ගෙන ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග මේ වසර තුළදී අවසන් වෙනවා. අපි නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම පැරිස් සමාජය සමඟ සාකච්ඡා තරමින් සිටිනවා. බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගත යුතු බොහෝමයක් කරුණු පිළිබඳ එකඟතාවන්ට පැමිණ අවසන් නමුත් තවමත් එකඟතාවට පැමීණිය යුතු කාරණාවක් ඉතිරිව තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳෙයි.
නමුත් අපි මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අපි ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරාවට මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10 කින් හෝ වසර 15 කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලු දෙනාම ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි.
මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මම සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අපි එය වෙනස් කළ යුතුද නැද්ද? මම හිතන්නේ අපි එය වෙනස් කළ යුතුයි. නමුත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අපි සූදානම්ද?
