නාගොඩ සුමන
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.
මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කල හැකි බව පැවසීය.
මේ අතර පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්වය ඉදිරි සති දෙක තුළ ද පැවතිය හැකි බව වැඩිදුරටත් පැවසීය.
මේ අතර වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් අකුණු අනතුරු වාර්තා වෙයි.
රත්නපුර කහවත්ත උඩුහවුපේ තැන්නපිටිය ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදී අනතුරක් සිදුව තිබේ.
ගාල්ල නාගොඩ යටලමත්ත විලිමුල්ල කන්ද ප්‍රදේශයේ සහ වදුරඹ ඌරල ආරලියකන්ද ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදී තිබේ.
අකුණු සැර වැදීමෙන් එම නිවාස වල විදුලි පද්ධතියට දැඩි හානි සිදුව තිබේ.
අනතුරුවලින් ජීවිත හානි සිදුව නොමැත.
