නිමල් රාජපක්ෂ –
අයහපත් කාලගුණය හේතුවෙන් මෙතෙක් ධාවනය නොවු රාත්‍රී තැපැල් දුම්රිය අද රාත්‍රියේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් වි.එස් .පොල්වත්තගේ මහතා පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බන්ඩාරවෙල දක්වාත් ,බණඩාරවෙල සිට කොළඹ කොටුව දුක්වාත් දුම්රියයක් ධාවනයට එක් කෙරේ.
අනික් දුම්රියයන් නානුඹය දක්වා ධාවනය කොට එනැත්සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරේ. මීට අමතරව අද පෙරවරුවේ ගමන් ඇරඹු දුන්හිද ඹඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බවද පොල්වත්තගේ මහතා පැවසුවේය.
ඇල්ල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයට අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවු පස් කදු කඩා වැටීම් ගස් වැටීම් හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවු අවහිර වීම් ඉවත් කොට හැකි ඉක්මනින් දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට පියවර ගන්නා බවද පොල්වත්තගේ මහතා පැවසුවේය.
