නිමල් රාජපක්ෂ –
පන්නිපිටිය දෙපානම පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ආපන ශාලාවක් රාත්‍රී වැසිය යුතු වෙලාවෙන් පසු විවෘත කර මත්පැන් අලෙවි කිරී හේතුවෙන් බලපත්‍ර කොන්දේසි කඩ කිරිමේ වරටද අදාල ආපන ශාලාව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත ඒ මොහොතේම සීල් තබන ලදි.
අදාල ආපන ශාලාව රාත්‍රි 12 වැසිය යුතු වුවත් ඹවුන් ඊයේ (19) අළුයම දෙක තුන පමණ වතතුරු මත්පැන් බෝතල් වශයෙන් අලෙවි කරන බවද ,නියමිත ස්ථාවලින් පරිභාහිරව ගෙනා මත්පැන් බෝතල 29 ක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරිම් තිස්ස කුමාර රාජපක්ෂ මහතා පැවසුවේය.
සුරාබදු නිලධාරින් ඊයේ අලුයම් කාලයේ එම ස්ථානය මුද්‍රා තබා එන අවස්ථාවේදිද මත්පැන් රැගෙන යාම සදහා විසිපහකට තිහකට ආසන්න පිරිසක් එම ආපන ශාලාවට පැමිණ සිටි බවද පැවසුවේය.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ආපන ශාලාවට බලපත්‍රය ලබා දි ඇත්තේ ස්ථානයේ මත්පැන් පානය කිරීම සදහා බවත් රටබීම හලක අයුරින් අදාල බලපත්‍ර ලාභීයා මත්පැන් වැඩි මිලට අලෙවි කිරීම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරීන් පවසයි.
අදාල බලපත්‍ර ලාභියා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තුවක් අයකර දැඩි අවවාද කර නිදහස් කරන අතර ඉදිරියේදී මෙවැනි වරදක් සිදු කළහොත් බලපත්‍ර අවලංගු කිිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරිම් තිස්ස කුමාර රාජපක්ෂ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා ඇතුළු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ
