Spread the love

මහින්දලා රනිල්ලා එක්ක අවුරුදු හැත්තෑ හයක් හිටපු මිනිස්සුන්ට රිලවුන් එක තව මාස හය හතක් සිටීම අමාරු නැතැයි වරාය නාවික හා ගුවන් සේවා අමති බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පොල් ගසක් සිටුවා පොල් එන්න කොපමණ කලක් යන්නේදැයි විමසූ ඔහු ‘මිනිස්සුන්ට පිස්සු නෑ මිනිස්සුන්ට අමාරුයි’ යනුවෙන්ද කියා සිටියේය.

අද රට තුළ මතුවී තිබෙන පොල් සහල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.