කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ලංගම බස් රථයක් අනතුරට ලක් වී තිබේ.
බස් රථයේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් මත බස් රථය මාර්ගය අසල තිබූ ගසක වැදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුර හේතුවෙන් පුද්ගලයන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම බස් රථය කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් බස් රථයකි
