Spread the love

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 80 වියේ පසුවිය.

ආදරණීය නේරංජනා, හෙට දවසේ, මට වාසනා, සඳ මා ගාවයි, මාගේ සැමරුම් පොතේ, එකම වීදියේ, මොහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා සූරියසේන මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.