Spread the love

සමාජ – ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් රා මුවක් අත්සන් කිරීමට යෝජිතව ඇත.එම අවබෝධතා ගිවිසුම් රාමුවට අනුව, ඉන්දීය රජය විසින් සපයනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83 ක ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.ඒ යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබල ගැන්වීම යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවනෝපාය වැඩි දියුණු කිරීමට අදාළව ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇත.ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.