චීන ගුවන් සේවයක් වන ” Air China” ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළපැමිණ තිබේ.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි.
ඊයේ යළි පැමිණි ප්‍රථම ගුවන් යානය සඳහා ඒ – 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ගුවන් සේවයේ සී.සී.ඒ – 425 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානයෙන් මගීන් 142දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ
” Air China” ගුවන් සේවය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ප්‍රථම ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග්, චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කලාපීය කළමනාකරු ෂූයි ජුන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
