Spread the love

   

නිමල් රාජපක්ෂ 

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් ‘AKEBONO’ නෞකාවේ කාර්යය මණ්ඩලය, ජපාන ශ්‍රී ලංකා නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව, වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ඊයේ (2025 ඔක්තෝබර් 29) උදෑසන ගාලු මුවදොර ඉදිරිපස වෙරළ තිරයේදී සාර්ථකව පැවැත්විණි.  

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ‘පිරිසිදු වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ යන දැක්මට සමඟාමීව, දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර ‍ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.

ඒ අනුව, ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායේ ‘AKEBONO’ නෞකා කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සිදුකල මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන මඟින්, ගාලු මුවදොර ඉදිරිපස වෙරළ තිරයේ විසිරී තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එම වෙරළ තීරයෙන් ඉවත්කර, වෙරළ පරිසර පද්ධතියට හානි නොවන ලෙස ක්‍රමවත්ව බැහැර කිරීම සිදුකෙරිණි.   

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමාණ්ඩර් Takayuki Kubo ද එක්විය.