Spread the love

නීති විරෝධී වාහන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ඉදිරි දින කිහිපය තුළ දේශපාලඥයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමේ හැකියාවක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි

ඒ අනුව නීති විරෝධීව පරිහරනය කරන වාහන විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනිමින් ඇති බවයි ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් ඉදිරියේදී එහි නිලධාරීන් කටයුතු කරන ආකාරය අනුව ඔවුන්ට උසස්වීම් ලබාදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම ඔවුන්ට පෙබරවාරි 10 ට පෙර ප්‍රසාද දීමනාවක්ද ලබාදෙන බවත් වැඩකරන නිලධාරීන්ට හොඳින් සැලකීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ