නිමල් රාජපක්ෂ
.
“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානතවයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අද (.03 )ආරම්භ විය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන “FACETS Sri Lanka – 2026” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය අද සිට 05 දා දක්වා දින 3ක් පැවැත්වේ.
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka’ මෙවර පැවැත්වෙන්නේ 32 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු රටවල් රැසක ගැණුම්කරුවන් රැසක් ප්‍රදර්ශණයට එක්වී සිටිති. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර දේශීය මැණික් ගැණුම්කරුවන් රැසක්ද “FACETS Sri Lanka – 2026” සහභාගි වී සිටියහ.
මෙවර ප්‍රදර්ශණයේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා ගැණුම්කරුවන් හා අපනයනකරුවන් සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.
දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත් ප්‍රචලිත “FACETS Sri Lanka 2026” ශ්‍රී ලංකාවේ උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසාරත්වය පිළිබඳ කවුළුවක් ලෙස සැලකෙයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය S. P. චමින්ද මහතා, තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය
