18 වැනි G20 සමුළුව රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වී තිබෙනවා.
දකුණු ආසියාතික රටක G20 සමුළුව පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර, මෙවර සමුළුවේ දී කාලගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දුගී රටවල්වල ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතයි.
සමුළුව ආරම්භයට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂිත ද්විපාර්ශ්වික හමුවක් පවත්වා ඇති අතර, එහි දී ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් සහාය දක්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.