Spread the love

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය මේ මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවවිභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම විභාගය සඳහා 2019, 2020, 2021 හා 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් අයදුම් කළ හැක.

සියලූම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුල්හල්පති මගින් පමණක් බවත් අයදුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම විභාගය අපොස උසස් පෙළ 2022 (2023) විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ නොපැවැත්වෙන අතර විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් විමසීම් අවශ්‍ය නම්, 1911 0112 786 616 / 0112 784 537 / 0112 784 208 අංකවලට හෝ ෆැක්ස් – 0112 784 422 ටත් ,පොදු දුරකථන අංක – 0112 786 200 / 0112 784 201 / 0112 785 202 මගින්ද තොරතුරු ලබා ගත හැකිවෙයි.