Spread the love

නාගොඩ සුමන

රාජ්‍ය ආයතනවල ගෙවීම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද (07) සිට මෙරට ජනතාවට හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහනෙ ප්‍රධානී උදය එච් කස්තුරිරත්න මහතා පැවසීය.
එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකිය.
ඒ අනුව ජංගම දුරකතනයෙන් මෙම ආයතන සඳහා ගෙවීම් පහසුවෙන් සිදු කර ගත හැකි බව පැවසීය.
ඉදිරි මාස 02 තුල තවත් ආයතන රැසක ගෙවීම් රැසක් ‘GovPay’ ඔස්සේ සිදු කිරීමට හැකියාව ලැබෙන බව එහිදී පැවසීය.