ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල , පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344), පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379), සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග වන්නේ , ඔටෝ ඩීසල් – (මිල රු.317), භූමිතෙල් – (මිල රු.202)
