ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මහජනතාවට https://eservices.elections.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
මෙම මාර්ගගත ක්‍රමය හරහා මුල්වරට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීම, 2023-02-01 වන දින වනවිට පදිංචිය වෙනස් වූ පුද්ගලයන්ගේ පදිංචි ස්ථානය මාරු කිරීම සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය ඇතුළු තොරතුරුවල දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ඉල්ලුම් කිරීමට හැකියාව පවතිනයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වන යොවුන් පුරවැසියන්ටද ඉදිරි පරිපූරක නාමලේඛන සඳහා ලියාපදිංචි වීමට “යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන යොමුව ඔස්සේ ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
.
