Spread the love

OnmaxDT පිරමීඩාකාර යෝජනා ක්‍රමයට මුදල් යොදවා අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින OnmaxDT සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනාද අධිකරණයේ පෙනී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද මෙම නියෝගය නිකුත්කර ඇත.