Spread the love

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers Association වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.

Sri Lanka Jewellers Association හි  සභාපති Rathnarajah Saravana මහතා විසින්  එම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා පිළිගැන්වීය.

එම අවස්ථාවට Sri Lanka Jewellers Association හි  ලේකම් Raman Balasupramaniyam, භාණ්ඩාගාරික Mutthu Rett Ramajayam, Suooaiha Ravikumar හා Marayanan Thawakumar යන මහත්වරු එක්වූහ.