Spread the love

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලා‍දේශ කණ්ඩායම ඊයේ (16) සමත් විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 132 ක් ලබාගත්හ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 46 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 21 ක් හා දසුන් ශානක ලකුණු 35 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි විය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mahedi Hasan කඩුලු 4 ක්, Shoriful Islam, Mustafizur Rahman,Shamim Hossain එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත්වුහ.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර පන්දුවට පහරදෙීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් Tanzid Hasan ලකුණු 73 ක් ලබාගත්හ.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුහ.