Spread the love

වත්මන් ආණ්ඩුව තුන්වන වරටත් විදුලි බිල වැඩිකර දින කිහිපයක් ගතවෙද්දී, වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම තුළින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කර ඇති බව පවසන විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැට් බදු ආදායම උපයා ගැනීමට තමන් විකල්ප පැහැදිලි කිරීමට සූදානම් බවත් කියා සිටියා.

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදයේ හෙවත් බදු පරිපාලනයේ කාර්යක්ෂම බව ඇති කළ යුතු බවත්,එහි විනිවිදභාවය ඇති කිරීමට එය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

එමෙන්ම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන්ද නිවැරදිව බදු අය කර ගැනීමත්, ඇතැම් මිත්‍ර සමාගම්වලට ලබාදී ඇති අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා මෙම ක්‍රමවේද ඔස්සේ රජයේ අපේක්ෂිත බදු ආදායම පොදු ජනතාවට පීඩනයක් නොදී උපයාගත හැකිවනු ඇති බවද කියා සිටියා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ 41 වැනි සුහුරු පන්ති කාමරය දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මාධ්‍ය මහා විද්‍යාලයට ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.