WIPO ජාත්‍යන්තර සම්මාන උලෙළේදී Environmental කාණ්ඩයේ Startup අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරීපත් වීමට නදීෂා චන්ද්‍රසේන ඇතුළු Urban Inventors කණ්ඩායම නිර්මාණය කළ Smart Drain (ස්මාර්ට් කාණු) පද්ධතිය සමත්ව තිබෙයි.
World Intellectual Property Organization හෙවත් ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානය විසින් පවත්වන මෙම සම්මාන උළෙල බුද්ධිමය දේපල පිලිබඳව නොබෙල් ත්‍යාගය ලෙසද හඳුන්වාදෙයි.
රටවල් 95 ක වාර්තාගත අයදුම්පත් 780 කින් මෙම ජයග්‍රහකයින් 10 දෙනා තෝරාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට අමතරව චිලී, චීනය, අයිස්ලන්තය, ඉන්දියාව, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය ජයග්‍රාහී රටවල් අතර සිටී.
Urban Inventors කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති Smart Drain (ස්මාර්ට් කාණු) ගංවතුර විරෝධී කාණු පද්ධතිය යනු සාම්ප්‍රදායික අපද්‍රව්‍ය මගින් අවහිර වූ විට ගංවතුර තත්ත්ව ඇතිවන කාණු පද්ධති වෙනුවට නාගරික ගංවතුර වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති පේටන්ට් බලපත්‍රලාභී කුණාටු ජලාපවහන පද්ධතියකි. එහි නිර්මාණාත්මක ව්‍යුහය සුන්බුන් පෙරීම අතරතුර අඛණ්ඩ ජල ප්‍රවාහයට ඉඩ සලසන අතර සුන්බුන් අදාළ තැන්වල පිරුණු පසු SMS පණිවුඩ මගින් දැනුවත් කිරීම, දත්ත විශ්ලේෂණය මගින් ගංවතුර තත්ත්වයන් පිළිබඳව පෙර දැනුවත් කිරීම වැනි නවෝපාංගයන්ගෙන් සමන්විතයි.