අධික වර්ෂාවත් සමග සිදුවූ ජලගැලීම්, නායයාම් සහ අකුණු අනතුරුවලින් මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබේ.
කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ප්‍රමාණාත්මකව අඩුවනු ඇති බවය.
නමුත් මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි, කළු, නිල්වලා සහ වලවේ යන ගංඟාවල ජල මට්ටම් මේ වනවිට ඉහළ යමින් පවතින බවය.
ඒ සමග එම ගංගා අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
ඊට අමතරව දැදුරු ඔය සහ මහ ඔය සඳහා ගංවතුර අවදානම් නිවේදන නිකුත් කෙරුණු අතර අත්තනගලු ඔය සඳහා මහා ගංවතුර අවදානමක් නිවේදනය කර තිබේ.
පවතින වර්ෂාපතනයත් සමග බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
මේ අතර නවතම නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට නම් කර ඇති බවය.
එබැවින් වර්ෂාව සහිත අවස්ථාවලදී මෙම මාර්ගය භාවිත කිරීමේදී දැඩි සැලකිලිමත් වන ලෙසට මහජනතාවට දැනුම්දෙයි.
