අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල නිරතව සිටිති.
ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් යුතු ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ ලංකාවේ පේරාදෙනිය, ශ්රීජයවර්ධනපුර, මොරටුව, සහ කැළණිය විශ්ව විද්‍යාලවල භූගර්භ විෂය සහ වාග් විද්‍යාව සමබන්ධයෙන් කටයුතු කරන මහාචාර්ය, ආචාර්ය සහ කථිකාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායමට අයත්වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායමකුත් ද ඒ අතර සිටී.
අධිසංවේදී උපකරණ භාවිත කරමින් මෙම පර්යේෂණයන් සිදුකරනු ලබයි. ලබාගන්නා ගිනිගල් නියැදි ඉදිරි පර්යේෂණ සඳහා නාසා ආයතනය වෙත ගෙන යාම මෙම පර්යේෂණවල අරමුණවී ඇති බව ඊට එක්ව සිටින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ආචාර්ය ප්‍රසන්න ලක්ෂිත ධරමප්රිය මහතා පැවසුවේය.
‘ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක සහ ශ්‍රීලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙත්තිකා විතානගේ යන මහාචාර්යවරු 2018 දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සර්පෙන්ටින් පාෂාණය පිළිබඳ මුලික පර්යේෂණ කිහිපයක් කර තිබුණා.
නාසා ආයතනය අඟහරු ග්‍රහයා පිළිබඳ කළ පර්යේෂණවල දි අනාවර්ණය කරගත් සර්පෙන්ටින් කියන පාෂාණය සහ එය විභේදනය වීමෙන් ඇතිවු අනෙකුත් පාෂාණ වල සමානකමක් ඇතිබව මේ පර්යේෂණවලින් පෙනෙන්ට ඇති බවට මුලික අදහසක් තහවුරුවී තිබුණා.
ඒ පර්යේෂණය පදනම් කරගෙන දෙස් විදෙස් භූගර්භ විද්‍යාඥයින් කණ්ඩායමක් ගිනිගල් පැලැස්සට ඇවිත් ඉන්නවා.’
