Spread the love

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එළුවන් 70,000ක් එ ම පවුල් වෙත වසර පහක්එ ඇතුළත ලබාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් අද (09)එම වැඩසටහන රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණ.

එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.