Spread the love

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් ඊයේ (25) සවස වෙඩි තබා ඇත.

පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සුවාරපොළ සිට රත්මලාන දෙසට ගමන් කරමින් සිටි වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙසට අණ කර තිබිණ.
කෙසේ වෙතත් අදාළ වෑන් රථය පොලිස් අණ නොතකා රත්මලාන දෙසට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ද එම වෑන් රථය ලුහු බැඳ ගොස් රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශය ආසන්නයේදී වෑන් රථයේ රෝදවලට පොලීසිය වෙඩි තබා ඇත..

වෙඩි වැදුණු රෝද සහිතව වෑන් රථය ඉදිරියටම ධාවනය කර තිබූ අතර පසුව රියැදුරු තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක් කරමින් රත්මලාන දුම්රිය පොල ආසන්නයේදී

වෑන් රථය දමා පලා යාමට තැත් කළ අවස්ථාවේ පොලිසිය රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.අන