නිමල් රාජපක්ෂ
ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්රයන්ට අදාලව පරීක්ෂණ කළ හැකි අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැප්තැම්බර් මස 25 දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ “ලෝක ඖෂධවේදීන්ගේ දිනය – 2025” සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අවධාරණය කරන ලදි.
මෙම සැමරුම් උත්සවය ඊයේ (25) පස්වරුවේ කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජගත් ඖෂධවේදී සම්මේලනයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්, එක්ව සැප්තැම්බර් මස 25 දිනය ලෝක ඖෂධවේදී දිනය ලෙස නම් කර ඇති අතර, ලොව පුරා රටවල් 158 ක මිලියන 04 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ජගත් ඖෂධවේදීන්ගේ සංගමය ඖෂධවේදීන්, ඖෂධ තාක්ෂණවේදීන්, ඖෂධ විද්‍යාඥයින් සහ ඖෂධවේදී ආචාර්යවරුන්ගෙන් යුක්ත වේ.
ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨය වන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න” (Think Health, Think Pharmacist) යන්න කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.
මෙහී දී උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඖෂධවේදින් 4500 ක් පමණ සිටින බවත්, ඖෂධවේදීන්ගේ බරපතල හිඟයක් පවතින බව ද පෞද්ගලික ඖෂධ ශාලාවල ද ගුණාත්මකභාවය සහ වෘත්තීමයභාවය සහිත ඖෂධවේදීන් ප්‍රමාණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද අවධාරණය කරන ලදි.
