අධික ලෙස දුම පිට කරමින් මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.
එවැනි රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද ඔහු පෙන්වා දෙයි.
ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබාගත්තත්, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි දසුන් මහතා පවසන්නේ
අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
