Spread the love

අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට ඇදි ගොස් අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (25) දින හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදිය.

කොටගල සිට අධික වේගයෙන් හැටන් දක්වා ධාවනය කර ඇති මොටර් රථය ගමන් ගත් මාර්ගය හරහා සුනඛයෙකු මාරුවිමට ගිය අවස්තාවේ සුනඛයා බේරා ගැනිමට දැරු උත්සහයක් හේතුවෙන් මොටර් රථය රියදුරු පාලනයෙන් මිදි තේ වත්තට ඇදි ගොස් නතර වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථය තුල සිව්දෙනෙකු සිට ඇති බවත්, ඉන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවත්, අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.