අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේදිය.
උලපනේ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ බස් රථයට අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.