පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ‘ආචාර්ය’ යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව සඳහන් කරයි
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවත්, එම අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
