Spread the love

ගාල්ල -විජේසිංහ.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තොටගමුව ප්‍රදේශයේදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගීත් මෙන්ඩිස් මහතා යතුරු පැදියකින් ගමන් කරමින්සිටියදී වෙනත් යතුරු පැදියක ගැටීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලු කිීරීමෙන් පසු මියගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය පවසයි .
අනතරු සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 9.30 පමණය .මේ වනවිට මියගිය අයගේ දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. මියයන විට 41 වියේ පසුවු ගීත් මෙන්ඩිස් මහතා මලවැන්න ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
සිද්ධිය පිිළිබදව මීටියාගොඩ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි