Spread the love

තනමල්විල ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අනවසරයෙන් වගා කරතිබු අක්කර පහක ගංජා හේනක් වටලා ගංජා ගස් ලක්ෂ දෙකක් විනාස කළ අතර බෙහෙත් කොටන තුවක්කුවක් සමගින් එක් සැකකරුවක් ඊයේ (21)මාතර අපරාධ කොට්ඨාසයේ නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

වගාකර තිබු ගංජා හෙනේ අඩි 4.5 සහ 6 ක් උසැති සරුවට ගංජා ගස් වැවී තිබු අතර ගංජා ගස් සියල්ල උදුරා ගිනිතබා විනාස කල බව පොලිසිය පැවසුවේය.
මෙහිදි බෙහෙත් කොටන තුවක්කුව සමගින් අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිිදි තනමල්විල ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බව පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කතරගම පොලිසිය බාරදී තිබේ.
අද අදාල සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


දකුණු පලාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත , නියෝාජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි,තංගල්ල කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න යනමහත්වරුනේගේ අධීක්ෂණය යටතේ ,මාතර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමරවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ