මැදිරිගිරිය ප්රදේශයේදී තිදරු මවකට වෙඩිතබා ඝාතනය කර තිබේ.
මැදිරිගිරිය මිරිස්හේන ප්රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තිදරු මවක් ඊයේ රාත්රියේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබුණි.
ඇයගේ අනියම් පෙම්වතා විසින් නිවස පිටුපසදී ඇයට වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුඩා දියණිය සඳහන් කළේ,
“මම ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවා. අර මාමා අපේ අම්මාට වෙඩි තියලා. අපේ අම්මා මෙතන හයියෙන් කෑගහලා ඇඬුවා.”
ඝාතනය සිදු කළ පුද්ගලයා මීට දින දෙකකට පෙර ඝාතනය වූ කාන්තාවගේ වැඩිමහල් දියණියට ද තර්ජනය කර තිබුණි.
ඇය සඳහන් කළේ,
“මේ සිද්ධිය වෙන්න කලින් මට ඇවිත් කිව්වා.. උඹලගේ අම්මට මං මේ දේ කරනවා කියලා.”
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මකය.
