ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) දිවයිනෙන් පිටව ගිය බව වාර්තා වෙයි.
මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පසුගිය 28 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
එහිදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.
