Spread the love


නිමල් රාජපක්ෂ
ආගරපතන මන්රාසි- ප්‍රදේශයේ අතිවිශේෂ අරක්කු බෝතල් වල මුඩි විවෘත කොට වතුර කලවම් කරමින් සිටි ”රටබීම හලට” සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත ඒ මොහොතේම සීල් තැබීමට මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වි ඇත.

මන්රාසි ප්‍රදේශයේ ඊයේ(12) රාත්‍රියේ පේරු උත්සවය පැවැති හෙයින්ද අද(13) පොහෝය දිනය හේතුවෙන් ජනතාව කිසිදු සෙවීමක් බැලිමක් නොමැතිව මත්පැන් රැගෙන යන බැවින් රටබීම හලේ බලපත්‍රලාභිය මහාපරිමානයෙන් බෝතල් විවෘතකොට වතුර කලවම් කරමින් සිටිබව මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පවසයි.
මෙම රටබීම හල වැටලු අවස්ථාවේ එහි තිබී සැර බාල කොට වතුර කලවම් කර තිබු අතිවිශේෂ අරක්කු බොතල් 106 සොයා හා බෝතල් මුඩි විවෘත කරන හා සීල් කරන උපකරණ ද සුරාබදු නිලධාරීන් සොයාගෙන ඇත.
මෙහිදි අත්අඩංගුවට ගත් බෝතල් තොගයේ මිලී ලීටර් 750හේ බෝතල් 51 ක් , මිලි .ලීටර් 375 හේ බාගේ බෝතල් 48 ක් , මිලී ලීටර් 180 වේ කාලේ බෝතල් 7 ක් තිබු බවද සුරාබදු නිලධාරින් පවසයි.
අදාල බලපත්‍ර ලාභියා ගේ පෙරවැරදි සලකා බලා ඉදිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට දඩුවම් පැමිණී වීමට නියමිතය.ඉදිරියේදීත් මෙවැනිම වැටලීම් සිදුකරන අතර නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරම් කරුවන් සදහා කිසිදු සමාවක් නොදෙන බවද සුරාබදු නිලධාරීන් පැවසුවේය.ා

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත, මධ්‍යපලාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් , මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා මේ මෙහෙයවීම යටතේ , කෝප්‍රල්වරුන්වන ප්‍රදීප් බණ්ඩාර, අසංක බණ්ඩාර රියදුරු රෝහන සමන්ත යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.