නාගොඩ සුමන
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් අද (25) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව එහි උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මංත්රීවරුන් ,හිටපු පළාත් සභා මංත්රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ට මේ සඳහා ආරාධනා කර තිබේ.
පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී තීරණය කරන බව වැඩිදුරටත් පැවසීය.
