නිමල් රාජපක්ෂ-
මෙවර මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කටයුතු යොදා තිබේ.
ඒ අනුව අළුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාවගෙන් අලුත් සහල් එක්රැස් කිරීමේ වැඩ සටහන් රැසක් දිස්ත්‍රික්ක 24 තුළ අද හා හෙට දෙදින තුළ ස්ථාන 24ක දී සිදු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම හෙට දින (25) පෙරවරුවේ ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
2023 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 02 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් අභියස දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු මැතිඇමැතිවරුන් මෙන්ම ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් සහභාගිත්වයෙන් සිදු කෙරේ.