නිමල් රාජපක්ෂ –
මත්පැන් අලෙවි කිරීම සදහා අලුතින් බලපත්‍ර නිකුත් කිරීම වහාම ක්‍රියාමත්ම වන පරිදි මුදල් ඇමතිවරයාගේ නියෝගය මත අත්හිටවු බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
නමුත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක මණ්ඩලයේ අනුමත කරනු ලබන තරු පන්තියේ හෝටල් ආපනශාලා සදහා බලපත්‍ර නිකුත් කිරීම සදහා සුරාබදු දෙපාර්තුමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ජා කොට සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ අදාල සුරාබදු නිවේදනයන්ට අනුකූලව සපුරාලියයුතු අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සදහා සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිර්නායකයන්ට අනුකූලව මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව ඉදිරියේදී මත්පැන් බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ.රොෂාන් පෙරේරා මහතා පවසයි.
