Spread the love

සිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12)කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය.

එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

එහිදී අසලංක හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් සමඟින් සිය ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 214ක් ලබා ගත්තේය.

නායකත්ව ඉනිමක් තරග කළ චරිත් අසලංක ලකුණු 127ක් ලබා දැවී ගියේය.