නිමල් රාජපක්ෂ
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ MV IYO නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ, අසාධ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
සිංගප්පූරුවේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා පැනමා ධජය යටතේ යාත්‍රාකරමින් තිබූ MV IYO නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි, පිලිපීන ජාතික කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, උදරාබාධයක් හේතුවෙන් අසාධ්‍යව ඇති බවත්, රෝගියා වෙත හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට (Medical Evacuation- MEDEVAC) නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, එම නෞකාව වෙතින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලද දැනුම් දීමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි රෝගියා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ එම මුහුදු ප්‍රදේශය වෙත කඩිනමින් යොමු කෙරිණි.
ඒ අනුව, අසාධ්‍යව සිටි පිලිපීන ජාතික රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ත්‍රිකුණාමලය මහා රෝහල වෙත යොමුකිරීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.
