දේවින්ද පිණිදිය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ “සුරැක් ” ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් රටපුරා මේ වන විටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ,වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ,ආපදා කළමණාකරණය සම්බන්ධව ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය කියයි.
මෙම වෛද්‍ය කණ්ඩායම් දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1041 ක් ආශ්‍රිතව සිය සේවා ලබා දෙමින්සිටී.සෙසු සියළු සහයෝගී ආයතන හා එක්ව ක්‍රියාත්මක කරන වෛද්‍ය කණ්ඩායම් විසින් සුරක්ෂා මධ්‍යස්ථාන වල වෙසෙන ජනතාව 98.3 % ක් ම පරීක්ෂාවට ලක් කර අවසන් බවද , අවශ්‍යතාව පරිදි ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් අදාල රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත යොමු කර ඇතැයිද සමරකෝන් මහත්මිය කියයි.
මීට අමතරව අවශ්‍ය ස්ථාන හා ගම්මාන වෙත තව දුරටත් වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය නම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1926 අංකය දවසේ පැය 24 පුරා ඇමතිය හැකි බවද ඇය පෙන්වාදෙයි.
වැඩි විස්තර ; විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය 0777006035
