අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම වට්ස් ඇප් සමූහයේ සාමාජිකයන් 1025 දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
