Spread the love

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරිම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබා නොදිම මත දේශීය කෘෂිකර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා ඉවත්වෙමින් සිටින බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන් රජය බලයට ඒමට ප්‍රථම රටේ ජනතාවට ලබා දුන් මැතිවරණ පොරොන්දු කිසිවක් මේවන තෙක් ඉටු කිරිමට රජය අපොහොසත් වී ඇති බවයි.

රටේ ජාතික ආරක්ෂාව පිලිබදව සෑහීමකට පත්වීමට නොහැකි බව පැවසු වී.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ රටේ දිනෙන් දින තැන තැන මනුෂ්‍ය ඝාතන සිදුවන බවත්, ඉකුත් යහපාලන රජය සමයේදීද මෙතරම් මනුෂ්‍ය ඝාතන සිදු නොවූ බවයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට කටයුතු කල ද එසේ රජය සමග එකතු වූ පිරිස් සිදු කර ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගෙන එන බවට තමන් තුල හෝ වතුකරයේ ජනතාව තුල කිසිදු විශ්වාසයක් නොමැති බවයි රාධාක්‍රිෂ්ණන් මහතා තව දුරටත් කියා සිටියේ.

ජීවන වියදම ඉහළ යෑම හමුවේ වතුකරයේ ජනතාවගේ ආදායම් තත්වය සහ සෞඛ්‍ය තත්වය පහළ වැටී ඇති බවත්, වත්මන් රජය විසින් වතුකම්කරුවන්ට මේවන තෙක් කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි වී.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩි දුරටත් කියා සිටියේ